වයඹ පළාත් ලාංඡනය

පළාත් සභා ආරම්භයේදී වයඹ පළාත් ලාංඡනය ලෙස මෙය නම්කොට ඇත

වයඹ පළාත් ධජය

සත් කෝලරය තරු හතකින් සනිටුහන් කරමින් සිංහ රුව සහති ධජය වයඹ පළාත් ධජයයි.

වයඹ පළාත් පුෂ්පය

වයඹ පළාත් පුෂ්පය ලෙස ඇට්ටේරියා මල නම් කර ඇත. විද්‍යාත්මක නාමය Murraya paniculata

1987 අංක 42 දරණ පළාත් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව වයඹ ආණ්ඩුකාරවර කාර්යාලය ස්ථාපිත කර ඇත. එහි ප්‍රධානියා ආණ්ඩුකාරවරයා වන අතර,  ප්‍රධාන පරිපාලන නිලධාරියා වශයෙන් ආණ්ඩුකාරවර ලේකම් කටයුතු කරයි.  වයඹ පළාත් සභා පද්ධතියේ පරිපාලන ක්ෂේත්‍රයේ සංධිස්ථානය ලෙස සැලකෙන ආණ්ඩුකාරවර කාර්යාලය,  පළාත් සභාව හා මධ්‍යම රජය අතර සම්බන්ධතාවය ගොඩ නගමින් පළාත තුල වු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනයන්හි පරිපාලන කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරිමට ගරු ආණ්ඩුකාරතුමන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ කටයුතු කරනු ලබන අතර, වයඹ පළාත තුල ස්ථාපිත වී ඇති සෙසු ආයතනයන්හි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා සතු බලතල ප්‍රකාරව එතුමන් ලබාදෙන උපදෙස් හා නියෝග පරිදි පළාත් රාජ්‍ය සේවයේ ප්‍රතිලාභ ප්‍රශස්ත අන්දමින් මහජනතාව වෙත ලගාකරදීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම සිදු කරනු ලබයි.

අපගේ දැක්ම

සෞභාග්‍යමත් වයඹ ජනතාවක්

අපගේ මෙහෙවර

වයඹ පළාතේ යහ පාලනය, ඵලදායීතාව හා ගුණාත්මක භාවය තහවුරු වන පරිදි ගරු ආණ්ඩුකාරතුමා වෙත පැවරී ඇති බලතල කාර්යක්ෂමව හා සඵලදායීව ක්‍රියාත්මක කිරීම.